කැකිරාවේ 35 හැවිදිරි කාන්තාවක් ඝාතනය කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

කැකිරාවේ 35 හැවිදිරි කාන්තාවක් ඝාතනය කරලා

කැකිරාවේ 35 හැවිදිරි කාන්තාවක් ඝාතනය කරලා

කැකිරාව, සෙක්කුපිටිය ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය සිය සැමියා සහ දරුවන් සමඟ කුලී නිවසක පදිංචිව සිට ඇති බවයි පොලිසිය වාර්තා කර ඇත්තේ.

 

 

ඇයගේ සැමියා විසින් කැකිරාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අද (02) අලුයම කිසියම් පුද්ගලයෙකු තම බිරිඳට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සිදුව ඇති බව සඳහන්. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කාන්තාව නිවසේ වෙනම කාමරයක නිදා සිට ඇත.

 

 

ඝාතනයට හේතුව සහ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

221 Views

Comments

arrow-up