ශ්‍රී ලංකාව පාකිස්ථානයට දෙවෙනි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ශ්‍රී ලංකාව පාකිස්ථානයට දෙවෙනි වෙයි

ශ්‍රී ලංකාව පාකිස්ථානයට දෙවෙනි වෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, දකුණු ආසියාතික රටවල් අතරින් ඉහළම උද්ධමන අනුපාතයක් පාකිස්තානය වාර්තා වන අතර රටේ වත්මන් උද්ධමනය 37.97% කි.

 

 

අර්තාපල්, තිරිඟු පිටි, බිත්තර, සහල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසයේදී ඉහළ ගොස් තිබේ. මීට අමතරව, පෙළපොත්, ලිපිද්‍රව්‍ය සහ ඉන්ධන වැනි ආහාර නොවන ද්‍රව්‍ය වල මිල ද ඉහළ ගොස් ඇත.

 

 

පකිස්ථානයේ උද්ධමන වැඩිවීම සඳහා විදේශ ණය වැඩිවීම, මුදල් ඒකකයේ අවප්‍රමාණය, විදේශ විනිමය සංචිත අඩුවීම ඇතුළු විවිධ සාධක හේතු විය හැක. 

 

 

තවද, ගෝලීය බලශක්ති අර්බුදය සහ 2022 දී පාකිස්තානයේ ඇති වූ දරුණු ගංවතුර ව්‍යසනය ආර්ථික අර්බුදය තවත් උග්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

views

243 Views

Comments

arrow-up