රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් ආකර්ෂණීය පොලියක් දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ බව පිළියන්දල පොලීසිය පවසයි.
ඇය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
බහුතරයක් කාන්තාවන් සැකකාරියගේ වංචාවන්ට හසුවූ බව සඳහන් වෙයි.
මෙම වංචාව ඉකුත් වසරේ මාර්තු මස සිට සිදුකර ඇති බව ලද පැමිණිලිවල දැක්වෙයි.
පිළියන්දල පොලිසියට මේ වන විට ඇයට එරෙහිව පැමිණිලි 11ක් ලැබී ඇතැයි පොලිස් නිලධාරික් පවසයි.
මෙම සැකකාරිය විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර රුපියල් ලක්ෂ 3 සිට 25 දක්වා මුදල් විවිධ අයගෙන් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට පොලීසියට කරන ලද පැමිණිලිවල සඳහන් වෙයි.
පැමිණිලිකරුවන් පොලීසිය හමුවේ ප්‍රකාශකර ඇත්තේ වංචාකළ මුදල් ඉල්ලා සිටීමේදී මුදල් නොදෙන බවට තර්ජනය කරන බවයි.
පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පනස් හතරක තැනැත්තියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෙම සැකකාරිය ඉදිරිපත් කිරීමට නියමිතය.
319 Views
Comments