මිනගයා දුම්රියේ දමා ගොස් සිටි දරුවා නැවතත් පරිවාස අධීක්ෂණ භාරයට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පරිවාස නිලධාරීන්ට නියෝග කරන ලද්දේ මීනගයා දුම්රියේ දමාගිය දරුවා තවත් වසර තුනක කාලයක් පරිවාස අධීක්ෂණ භාරයට පත් කරන ලෙසයි.
පසුගිය මාර්තු 10 වනදා කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව බලා ධාවනය වීමට සුදානම්ව තිබූ මිනගයා දුම්රියේ වැසිකිලියේ දමා ගොස් සිටියදී මෙම දරුවා සොයා ගැනුණු අතර මෙලෙස අලුත උපන් බිළිදෙකු දමා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම බිලිඳාගේ මව සහ ඇගේ පෙම්වතා වූ දරුවාගේ පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට එම දිනවලම කටයුතු සිදු කෙරුණි.
සැකකාරිය හා සැකකරුවෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු නිත්‍යානුකූලව විවාහ වී දරුවා භාරගැනීමට සූදානම් වූ බැවින් ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි එදින අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලදී.
ඒ අනුව පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දරුවා දෙමාපියන් භාරයට පත් කිරීම සිදු කරන ලදී.
මෙම නඩුව අද යළි කැදවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දරුවාගේ පෝෂණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය නිසි පරිදී සිදුවන්නේ ද යන්න පිළිබද නිරීක්ෂණය කළ යුතු බවයි.
ඒ අනුව දරුවා වසර තුනකට පරිවාස අධීක්ෂණ භාරයට පත් කිරීමටයි නියෝග කෙරුණි.
ඇපමත මුදා හැර සිටින යුවළද අධිකරණය හමුවේ අද පෙනී සිටින ලදී.
280 Views
Comments