අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතැබීමක්

අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී වෙඩිතැබීමක්

අද (26) සවස 6.30 ට පමණ අවිස්සාවේල්ල තල්දූව මංසන්ධියේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ.

 

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

 

 

යතුරුපැදියකින් පැමිණ මුහුණු ආවරණය කළ පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවට සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

 

 

මෙම වෙඩිතැබීමට දෙපිරිසක් අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවන්නට ඇතැයි පොලීසිය සැකකරයි.

 

 

තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත.

 

 

අවිස්සාවේල්ල මූලස්ථාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

 

views

291 Views

Comments

arrow-up