ගාල්ලේ ළමා නිවාසයක දරියක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ගාල්ලේ ළමා නිවාසයක දරියක් අතුරුදහන්

ගාල්ලේ ළමා නිවාසයක දරියක් අතුරුදහන්

වලස්ගල මැල්පුර ලිපිනයේ පදිංචිකාරියක්වන වත්තුහේවාගේ අමීෂා නෙත්මි සෙව්වන්දි නැමැති දැරිය අද (19) සවස ගාල්ල කිතුලම්පිටිය විහාරමහා දේවි සහතික කළ පාසලෙන් (ළමා නිවාසයේ) පලා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

 

ඇයට වයස අවුරුදු 16ක් වන බව වැඩිදුරටත් පොලිසිය සඳහන් කරයි.

 

අවසන් වරට ඇය කහ පාට අත් කොට ටී ෂර්ට් එකක් හා තද නිල් පැහැති සායක් ඇඳ සිටි බවත් අඩි 5 ක් උස  තලෙලු සමකින් යුත් ඇය කොණ්ඩය දිගට වවා ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

views

265 Views

Comments

arrow-up