අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව දන්වා තිබේ.
දිවයින පුරා විටින් විට පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
311 Views
Comments