සරසවි ඇදුරෝ රට හැර යති
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

සරසවි ඇදුරෝ රට හැර යති

සරසවි ඇදුරෝ රට හැර යති

විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටළු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැර යාමට පටන් ගැනීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට පත්ව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කරයි.  පසුගිය වසර 5 ට සාපේක්ෂව පසුගිය මාස කිහිපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයෑමට පටන් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

 

මෙසේ ඔවුන් රට හැර යාම වැඩිවීමත්, එසේම රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් නොකිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලවත් දෙදරීමකට ලක්ව තිබේ. කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 150 ක් පමණ පවතින බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 100 ක් පමණ පවතින බවත් ඇතැම් විශ්වවිද්‍යාල අධ්‍යනාංශවල අවශ්‍ය දේශණ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් ආචාර්යවරුන් පිරිසක් නොසිටින බව ඔහු සඳහන් කර සිටියේය.

 

රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට 36% ක බදු බරක් පැටවී ඇති බවත්, තම වැටුපට ගැලපෙන ලෙස වියදම් කළමණාකරණය කරගෙන තිබුණත් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් කලින් ගෙවූ බදු මුදල මෙන් තුන් ගුණයක බදු මුදලක් දැරීමට සිදු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

views

419 Views

Comments

arrow-up