දින තුනක් තුළ මෙරටින් කොරෝනා රෝගීන් 17 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

දින තුනක් තුළ මෙරටින් කොරෝනා රෝගීන් 17 ක්

දින තුනක් තුළ මෙරටින් කොරෝනා රෝගීන් 17 ක්

කොවිඩ් -19 ආසාධිතයින් රට පුරා පැතිර යාමේ පැහැදිලි අවධානමක් මෙතෙක් මතුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි.

 

 

මේ වනවිට ජනතාව වැඩි වශයෙන් එන්නත් භාවිතා කර ඇති බැවින් පෙර මෙන් කොවිඩ් පරීක්ෂණ දැන් සිදු නොවන බව ඒ මහතා සඳහන් කොට ඇත.

 

 

කෙසේ වෙතත් ඉකුත් 25, 26 සහ ඊයේ දිනයේ කොවිඩ් ආසාධිතයින් 17 දෙනෙකු මෙරටින් වාර්තා වූ බවත් ඊයේ දිනයේ කොවිඩ් මරණයක් වාර්තා වූ බවත්  සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

views

333 Views

Comments

arrow-up