ගෝලීය තරුණ සාම සම්මේලනය ශ්‍රී ලංකාවේදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

ගෝලීය තරුණ සාම සම්මේලනය ශ්‍රී ලංකාවේදී

ගෝලීය තරුණ සාම සම්මේලනය ශ්‍රී ලංකාවේදී

විදේශීය තරුණ තරුණියන් 250 කගේ සහ දේශීය තරුණ තරුණියන් 1250 කගේ සහභාගිත්වයෙන් 16 වන ගෝලීය තරුණ සාම සම්මේලනය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය කර තිබේ.

 

 

මෙම අන්තර්ජාතික සම්මේලනයට අදාල අවබෝධතා ගිවිසුම අප්‍රේල් 19 වන දින එම වැඩසටහන ක්‍රියාත්මක කරන YUVSATTA (Youth For Peace) ආයතනය හා ජාතික තරුණ සේවා සභාව අතර අත්සන් කෙරිණි.

 

 

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් එහි සභාපති අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සහ සන්නාම තානාපති ජාතික ක්‍රිකට්  කණ්ඩායම් සාමාජික චාමික කරුණාරත්න මහතා සහභාගි වී ඇත.

 

 

මෙම අන්තර්ජාතික සම්මේලනය සැප්තැම්බර් මස 30 වැනිදා සිට ඔක්තෝබර් මස 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

views

294 Views

Comments

arrow-up