ප්‍රතිජීවක ඖෂධ හිතුමතේ ගන්නවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා, මෙරට ප්‍රතිජීවක ඖෂධ භාවිතය අනතුරුදායක මට්ටමින් ඉහළ යමින් ඇති බව පවසයි.
හිටපු සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම ඖෂධවේදය පිළිබඳ විශේෂඥයෙකු වන ඒ මහතා පැවසුවේ මෙම අවදානම් තත්ත්වයට කුඩා දරුවන් පවා ගොදුරු විමේ අවදානමක් ඇති බවයි.
නියමිත මාත්‍රාවට වඩා සහ නියමිත ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ ලබා දිමෙන් අනාගතයේදී විශාල අතුරු ආබාධ වලට මුහුණ දීමට සිදු වනු ඇති බවද ඒ මහතා සඳහන් කර තිබේ.
මීට අමතරව ඖෂධ ආනයනයේ පවතින දුර්වලතා සම්බන්ධයෙන්ද මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කොට ඇත.
268 Views
Comments