මැයි මාසය ඇතුළත විද්‍යාපීඨ වලට නව සිසුන් බඳවා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

මැයි මාසය ඇතුළත විද්‍යාපීඨ වලට නව සිසුන් බඳවා ගැනේ

මැයි මාසය ඇතුළත විද්‍යාපීඨ වලට නව සිසුන් බඳවා ගැනේ

මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා අලුත් සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී සඳහන් කර සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රුපියල් 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා දෙන රුපියල් 15000 ක ණය මුදල ද පිරිනමන බවයි.

 

මේ වන විට ගුරු අධ්‍යාපනඥ සේවය තුළින් සිටින්නේ 14% ක් බවත්, ඒ සඳහා අව්‍යශ පිරිස් බඳවාගැනීම ද ඉක්මනින් සිදු කරන බවත් ඔහු කියා සිටියේය. අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගය මත විෂය වර්ගය අනුව කුසලතා පදනම සහ දිස්ත්‍රික් පදනමින් අයදුම්පත් කැඳවා සම්මුඛ පරීක්ෂණය පවත්වා තිබෙන බවත්, එහි ඇගයීම් කටයුතු අවසන් අදියරේ තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

views

287 Views

Comments

arrow-up