කතරගම දේවාලයේ කප් සිටුවීම අද
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

කතරගම දේවාලයේ කප් සිටුවීම අද

කතරගම දේවාලයේ කප් සිටුවීම අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය ආරම්භ කිරීමේ පළමු චාරිත්‍රය වන කප් සිටුවීමේ චාරිත්‍රය අද සිදු කෙරුණු අතර චාරිත්‍රානුකූලව උදෑසන 5.55 ට යෙදුණු සුබ නැකතින් එය සිදු කෙරිණි. අද දින සිට දින 45 ක් ගත වූ තැන පෙරහැර මංගල්‍යය නිල වශයෙන් ආරම්භ වීමට නියමිත අතර කතරගම ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර ලබන ජූනි මස 19 වන දින ආරම්භ වී ජූලි මස 3 වන අධි ඇසළ පොහෝ දිනයෙන් නිමාවට පත් කරන බව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේය.

views

332 Views

Comments

arrow-up