2023 මැයි 06 - ලග්න පලාපල

මේෂ
විවාහය අපේක්ෂකයින්ට ශුභයි.නමුත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස්කරුවන් සමග ද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. ඔබගේ සමාජශීලීත්වය, කලාකාමිත්වය, සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලට ද ඉතාමත් යෝග්‍ය වේ. ව්‍යාපාරවල නිරත වන අයට අද යහපත් දවසක් වේ.
වෘෂභ
තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය, ආහාර අරුචිය ඇති විය හැකි නිසා පැණි රස, තෙල්, බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක. ඔබගේ සමාජශීලීත්වය, කලාකාමිත්වය, සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී.
මිථුන
අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරග විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ ගැන කල්පනාකාරී විය යුතුය. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලට ද ඉතාමත් යෝග්‍ය වේ.
කටක
ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේ නම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.
සිංහ
ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට වැඩි ඉඩක් ඇත. සමාජශීලීත්වය, කලාකාමිත්වය, සංගීතයට වඩා ඇල්මක් දැක්වීම, මිතුරන් ඇසුර, ඒ අතරින් කාන්තා පක්ෂයේ අය වැඩි ඇසුරට ලැබීමට හේතු වේ. මිත්‍රත්වය ආරක්ෂා කර ගනී. මවගෙන් බොහෝ සෙනෙහස ලබයි. හවුල් කටයුතුවලටද ඉතාමත් යෝග්‍ය වේ.
කන්‍යා
අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල්කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය කරන්නන් අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේ දී ඔබට අවස්ථාව සැළසේ.
තුලා
අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාර ද ඔබට හිමි වෙයි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව තිබේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.
වෘෂ්චික
සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද නඩුහබ වලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්, අනාථ මඩම්, නේවාසිකාගාර ආදියෙහි රැකියාවන්හි නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.
ධනු
අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි ලබන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.
මකර
ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රදානය කරයි. සාමාන්‍යයෙන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිස වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට වාසනාවන්ත දිනයක් වේ.
කුම්භ
ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට මග පෑදේ. ගුරු වෘත්තියේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ.
මීන
හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ඔබගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමට ද ඉඩ තිබේ.
326 Views
Comments