ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කරන්න ජනපතිගෙන් නව ආයතනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කරන්න ජනපතිගෙන් නව ආයතනයක්

ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කරන්න ජනපතිගෙන් නව ආයතනයක්

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාල නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (27) පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

views

216 Views

Comments

arrow-up