MAY
13
සමෘද්ධි බැංකු ශාඛාවක ලක්ෂ 450ක් අතුරුදහන්

වෙලේවැව සමෘද්ධි බැංකු ශාඛාවේ රුපියල් ලක්ෂ 450කට අධික මුදලක් වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
වංචාව සම්බන්ධයෙන් එම බැංකු ශාඛාවේ හිටපු ප්‍රධාන කළමණාකරුවන්, මුල්‍ය අයකැමි ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැඳිගේ මහත්මිය විසින් කළ නියෝගයකට අනුව මැයි 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
355 Views
Comments