ඉරානයෙන් ලංකාවට ඖෂධ පරිත්‍යාගයක්

ඉරාන ජනරජයේ ඉරාන තාතාපති හෂිම් අෂිද් මහතා විසින් ඇමරිකනු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ප්‍රදානය කර තිබේ.
මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිමිව තිබෙන අතර පිළිකා, හෘද රෝග, සමේ රෝග, වෛරස් ආසාධන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහෝමයක් රෝග සඳහා වන ඖෂධ එම ඖෂධ තොගයේ ඇතුළත් වන බව වාර්තා වේ.
වත්මන් ආර්ථික අර්බුදකාරී වාතාවරණයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත්, ඒ වෙනුවෙන් ඉරාන් ජනතාව ඇතුළු ඉරාන රජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
242 Views
Comments