ගාල්ලේ මී උණ වසංගතයක් සේ පැතිරයාමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

ගාල්ලේ මී උණ වසංගතයක් සේ පැතිරයාමේ අවදානමක්

ගාල්ලේ මී උණ වසංගතයක් සේ පැතිරයාමේ අවදානමක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පවසා ඇත.

 

 

2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ගත වූ මාස 4 තුළදී පමණක් මී උණ රෝගීන් 224 ක් සහ මරණ 19 ක් සිදුව ඇති බව වාර්තා වේ.

 

 

එම මරණ අතර වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක්ද සිටින අතර මේ වනවිට වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කරන්දෙණිය, බද්දේගම, ඉමදූව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල, හබරාදූව යන කොට්ඨාස වලයි.

 

 

ලංකාව තුළ මී උණ වැළඳෙන්නේ බහුලවම මී මුත්‍රා වලින් වුවත් මී හරක් සහ බල්ලන්ගෙන්ද මෙම රෝගය බෝවීමට අවදානමක් ඇති බව වෛද්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කොට ඇත.

 

 

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා පවසා ඇත්තේ පාද වල සුළු හෝ තුවාලයක් තිබේ නම් කුඹුරු ආශ්‍රිත ක්‍රියාකාරකම් නොකරන ලෙසයි.

views

293 Views

Comments

arrow-up