උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
13

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය නවතී

උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය නවතී

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ නානුඔය අතර දුම්රිය ගමනාගමනය මේ වන විටත් යථා තත්ත්වයට පත්කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට් වෙස්ටන් සහ වටගොඩ දුම්රිය ස්ථාන අතර දී දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ඊයේ (12) පස්වරුවේ සිට එම දුම්රිය ස්ථාන අතර ගමනාගමනය නැවතී තිබේ.

 

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන පරිදි පීලි පැනීමට ලක්වූ දුම්රිය මේවන විටත් පීලිගත කර නොමැති අතර කොළඹ සිට ගමන් ගන්නා දුම්රිය හැටන් දක්වාත් බදුල්ල සිට ගමන් ගන්නා දුම්රිය නානුඔය දක්වාත් සීමාකර තිබේ.

 

අද උදෑසන 8.00 පමණ වන විට එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.

views

375 Views

Comments

arrow-up