2023 මැයි 06 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත් වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල විටින් විට හමන පැ. කි. මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
අද දින සිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ. කි. මී. 20-30 පමණ වේ.
බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩි විය හැක.
බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ හෝ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | |||||
නගරය | උෂ්ණත්වය (සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 31 | 25 | 95 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
මඩකලපුව | 32 | 25 | 95 | 75 | සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
කොළඹ | 30 | 24 | 95 | 75 | විටින් විට වැසි |
ගාල්ල | 29 | 24 | 95 | 75 | විටින් විට වැසි |
යාපනය | 31 | 24 | 95 | 80 | වැසි වාර කිහිපයක් |
මහනුවර | 28 | 22 | 95 | 60 | වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 20 | 13 | 95 | 70 | විටින් විට වැසි |
රත්නපුරය | 30 | 24 | 95 | 70 | විටින් විට වැසි |
ත්‍රිකුණාමලය | 32 | 24 | 95 | 70 | සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ |
මන්නාරම | 31 | 25 | 95 | 65 | වැසි වාර කිහිපයක් |
258 Views
Comments