ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා 4න් තුනක් ඉවත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා 4න් තුනක් ඉවත් කරයි

ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනා 4න් තුනක් ඉවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනු කර තිබූ අතවර චෝදනා 4න් තුනක් පොලිසිය විසින් ඉවත් කරගනු ලැබූ බව පැමිණිල්ලේ නීතිඥ හියු බඩීන් ඊයේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් අධිකරණයට ප්‍රකාශ කළේය.

 

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවට පැමිණිල්ලේ නීතිඥවරයා ක්ලෙයාර් ෆර්නැන් විනිසුරුවරිය හමුවේ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව චෝදනා තුනක් ඉවත් කිරීමට විනිසුරුවරිය නියෝග කළ බව වාර්තා වේ.

 

අත්අඩංගුවට පත් වීමෙන් පසු රාත්‍රීන් 11ක් පොලිස් රැඳවුම් බාරයේ ගත කළ ධනුෂ්ක ගුණතිලකට චෝදනා හතරක් යටතේ නඩු ගොනු කර තිබුණි.

 

 

ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ද අධිකරණ බාරයට ගත් අතර, ඔහුට රටින් පිටවිය හැකි කිසිදු ස්ථානයක් අසලට යෑම හෝ අදාළ කාන්තාවගේ නිවෙස පිහිටා ඇති පළාතට යෑම හෝ සපුරා තහනම් කර තිබිණි.

 

 

සොලිසිටර් ඇලන් සහිනොවික් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටි අතර, නඩු විභාගය ලබන ජූලි මස 13 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

 

views

242 Views

Comments

arrow-up