වසන්ත මුදලිගේ ඇතුළු 07 දෙනකු ඇප මත මුදාහරී

කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 07 දෙනකු ඇප මත මුදාහැරීමට මහර මහෙස්ත්‍රාත් සමන් පරණලියනගම මහතා අද (19) නියම කළේය.
බන්ධනාගාරයේ රඳවා සිටින සරසවි සිසුන් නිදහස් කරන්නැයි ඉල්ලා කළ විරෝධතාවයක් අතරතුරදී පොලිස් රාජකාරියට බාධා කරන ලදැයි කියමින් සැකකරුවන් පොදු දේපළ පනත යටතේ වැරදි කොටට ඇති බව පවසමින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළ මහෙස්ත්‍රාත්වරයා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ශරීර ඇප මත සැකකරුවන් සියළු දෙනා මුදාහැරීමට නියම කළේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කණ්ඩායමක් අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ලබාදී ඇති නිදසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය භූක්ති විඳි බවත් ඒ හැර පොලිසියය සඳහන් කරන ආකාරයේ වැරදි කොට නැති බවත් පැවසුහ.
කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් සියළු දෙනා ඇප මත මුදාහැරීමට නියම කළේය.
193 Views
Comments