රු. මිලියන 43ක රත්තරන් තොගයක් කටුනායකදි අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් මිලියන 43ක් පමණ වටිනා රත්තරන් තොගයක් සිය ගමන් මලු තුළ සඟවාගෙන පැමිණි ව්‍යාපාරිකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
ඩුබායි සිට මෙරටට පැමිණි මෙම 35 හැවිරිදි ව්‍යාපාරිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ගමන් මලු තුනක් තුළ කිලෝ 2 ක් බරැති මෙම රත්තරන් තොගය කම්බි වශයෙන් සකස් කර එම ගමන් මලු තුළ ඔතා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මෙම රත්තරන් තොගය රාජසන්තක කර සැකකාර ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.
278 Views
Comments