ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2726ක් කොරියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2726ක් කොරියාවට

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2726ක් කොරියාවට

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු  2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා  සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. 

 

නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්‍රවලට තරුණයින් 2694 දෙනෙකු සහ තරුණියන් 32 දෙදෙනෙකු 2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.

 

2023 වසරේ ශ්‍රමිකයින් 8000 ක් පමණ කොරියානු රැකියාවලට බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කොට ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.

 

එමෙන්ම 2023 වසරට අදාළව දැනට පැවැත්වෙමින් ඇති කොරියානු භාෂා පරීක්ෂණය සඳහා  84886 ක අයදුම්පත් ප්‍රමාණයක් ලැබී  තිබේ.

 

views

242 Views

Comments

arrow-up