සරුංගලයක් ගියපු දුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

සරුංගලයක් ගියපු දුරක්

සරුංගලයක් ගියපු දුරක්

ඊයේ (25) පස්වරුවේ සරුංගලයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මාතර, වේරගම්පිට ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු අයුධයකින් සිදුකළ පහරදීමකදී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන්වන සේ කැපීගොස් තිබේ.

 

 

මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

 

 

සැකකරුවන් විසින් සිසුවාට කඩුවකින් පහරදී ඇති අතර එහිදී සිසුවාගේ දකුණු අත ශරීරයෙන් වෙන්වී ගොස් ඇති බවය.

 

 

පාසල් සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කර තිබෙන බව වාර්තා වේ.

 

 

අද (26) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කළ බව වාර්තා වෙයි.

views

272 Views

Comments

arrow-up