කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමි වෙයි

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බවයි.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පස්වරුවේ මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණි.
එහිදී අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පවසා තිබේ.
"ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ." ලෙස අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
295 Views
Comments