ලංකාවේ කාන්තාවන්ව එක එක තැන්වලට විකුණනවා

සෞදි අරාබියේදී රැකියාවකට ගොස් අතරමංවී ඇතැයි පවුලේ ඥාතීන් පවසන සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි නමැති කාන්තාවක් ලංකාවට ගෙන්වා දෙන ලෙස ඇගේ සැමියා කතරගම පොලිසියෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.
ඇය විසින් එවන ලද වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කර තිබුණි.
එහිදී ඇය සඳහන් කළේ " දවස් 20ක් 30ක් විතර එකම කාමරයක දාලා. කන්නවත් දෙන්නෑ. දවස ගානේ අරන් ගිහින් එක එක තැන්වලට විකුණලා පැය 6යේ 7තේ වැඩ කරවගන්නවා. සල්ලි දෙන්නේ නැහැ. සල්ලි ඒජන්සියේ මැඩම් ගන්නවා. ලංකාවේ කාන්තාවන්ව එක එක තැන්වලට විකුණනවා. 19,500යි සෙකන්ඩ් හෑන්ඩ්. අලුත් අය 30,000යි කියලා ගණන් හිලව් කියනවා. අනේ මොකක් හරි කරන්න." ලෙස ඇය එහිදී සඳහන් කර තිබුණි.
සෙල්ලකතරගම කොහොඹදිගාන පදිංචි එච්.එම්.දිල්රුක්ෂි දරුවන් 4 දෙනෙකුගේ මවකි.
දිල්රුක්ෂිගේ සැමියා වන චමිල්සිරි නන්ද තම බිරිඳ ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට අද කතරගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
341 Views
Comments