රාජ්‍ය භාෂා භාවිතයේදී මතුවන ගැටලු විසදා ගැනීම සදහා 1956 දුරකතන අංකය හදුන්වාදෙයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ රාජ්‍ය භාෂා භාවිතයේදී මතුවන ගැටලු විසදා ගැනීම සදහා 1956 දුරකතන අංකය හදුන්වාදී තිබෙන අතර එම අංකය ඇමතීමෙන් එම ගැටලු විසදා ගත හැකි බවයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ විවිධ වැඩසටහන් සම්පාදනය කර තිබෙන බවයි.
ඒ අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රටතුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සොයා බැලීමේ එක් ක්‍රමෝපායක් වශයෙනුයි 1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙන අතර ජනතාවට එදිනෙදා භාෂා භාවිතයේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම මෙම මධ්‍යස්ථානය හරහා සාර්ථකව සිදුකර ගත හැකි බව වැඩිදුරටත් සඳහන් වේ.
1956 අංකය ඇමතිමෙන් ඉතා කාර්යක්ෂමව ඕනෑම පුද්ගලයෙකුට භාෂා ගැටලු විසදා ගැනීමට හැකිවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
339 Views
Comments