පුහුණුවට ජපන් යන ලාංකිකයෝ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

පුහුණුවට ජපන් යන ලාංකිකයෝ

පුහුණුවට ජපන් යන ලාංකිකයෝ

ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකිකයින් දොලොස් දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.



එම පුහුණුලාභීන් ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.



මෙම පිරිස ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යන 34 වන කණ්ඩායම වන අතර, මෙම කණ්ඩායමට සාත්තු සේවා පුහුණු ලාභීන් 8 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ලාභීන් 4 දෙනෙකු අයත් වේ.



ජපානයේ පිහිටි IM ජපන් ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර 2017 වර්ෂයේ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ජපානය වෙත යොමුකරන අතර, මේ වන විට පුහුණු ලාභීන් 350 ට අධික පිරිසක් තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යොමුකර ඇත. නියමිත පුහුණු කාලසීමාව සාර්ථකව අවසන්කර මෙරටට පැමිණි පුහුණුලාභින්, ව්‍යවසායකයින් කිරිමේ වැඩපිළිවෙලක්ද මෙම පුහුණු වැඩසටහන යටතේ ක්‍රියාත්මකව පවති.

 

views

255 Views

Comments

arrow-up