පරිප්පුවලට වර්ණක යොදයි

ඊයේ (15) දින පාරිභෝගිකයින් නොමග යවන ආකාරයෙන් පරිප්පුවල ස්වාභාවික වර්ණය වෙනස්කර වෙළෙඳපොළට යැවීම සඳහා ප්‍රති නිෂ්පාදනය කරන ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරීන් වටලා තිබුණි.
එම නිලධාරීන් පැවසුවේ එහිදී අදාළ ගබඩාවේ තිබී මිනිස් ශරීරයට අහිතකර වර්ණකාරක යෙදවූ පරිප්පු ටොන් 4කට ආසන්න තොගයක් සොයාගත් බවයි.
උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක ආනයනික පරිප්පු සඳහා වර්ණ ගන්වා වෙළෙඳපොළොට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට පාරිභෝගික සේවා අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබුණි.
ඊයේ පස්වරුවේ එහි ගිය නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය වැටලීමට ලක් කරන ලදී.
එහිදී පරිප්පු වර්ණ ගන්වන අයුරු අදාළ ගබඩාවේ සේවකයෙකු විසින් අනාවරණය කළේය.
සිදුකළ පරීක්ෂා කිරීමේදී පරිප්පු සඳහා වර්ණක යොදන යන්ත්‍රෝපකරණ කිහිපයක් ද සොයා ගැනීමට හැකි විය.
පරිප්පු ටොන් 4ක පමණ ප්‍රමාණයක් මෙහි ඇති බවත් මෙම පරිප්පු ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ආනයනය කරන ඒවා බවත් මෙහිදී අනාවරණය විය.
මෙහිදී වර්ණක යොදවන්නේ වෙනත් පුද්ගලයෙකුගෙන් ලබාගත් පරිප්පුවලට අතර එලෙස සිදුකරන්නේ ව්‍යපාරිකයින්ගේ ඉල්ලීම පරිදිය.
පරිප්පුවල ගුණාත්මකභාවය වැඩිකර පෙන්වා පාරිභෝගිකයන් නොමගයැවීම සඳහා එලෙස වර්ණක යොදවන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් මිනිස් ශරීරයට අහිතකර මෙම වර්ණක පරිප්පු ඇතුළු ධාන්‍ය වර්ග සඳහා යෙදවීම සඳහා ආහාර පනතක් ද ගෙන තහනම් කර තිබේ.
මෙම ස්ථානයෙන් සාම්පල ලබාගත් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය මුද්‍රා තැබීය.
අද (16) දිනයේදී එහි තවත් ගබඩාවක් පරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සෝදිසි කර එහි සාම්පල ලබාගැනීමක් ද සිදුකළේය.
370 Views
Comments