බුලත්සිංහලට සුළු ගංවතුර තත්ත්වයක්

කළු ගගේ කුඩා ගඟ අවට බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව කළු ගගේ මගුරු ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ද මගුරු ගඟ භාවිතයේදී විමසිලිමත් විය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පවතින වර්ෂාව හමුවේ ගිං ගගේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බැවින් බද්දේගම ජනතාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර පවතින වර්ෂාව හමුවේ මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මකයි.
287 Views
Comments