MAY
27
රටවල් තුනකට නව තානාපති කාර්යාල

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රස් රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ළඟදීම අලුතින් පිහිටුවීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය.
සයිප්‍රසයේ සහ ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පෙර ක්‍රියාත්මක වුවත් පසුකාලීනව ඒවා වසා දමා තිබේ.
මේ රටවල් තුනේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින හෙයින් ඔවුන් රැකබලා ගැනීම සඳහා තානාපති කාර්යාල පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
437 Views
Comments