MAY
20
මේන් - 5 මගී නෞකාව කොළඹ වරායට

සංචාරකයින් 2,197 දෙනෙකු රැගත් මේන් - 5 මගී ප්‍රවාහන නෞකාව අද(20) උදෑසන කොළඹ වරායට සේන්දු විය.
මෙම නෞකාව පෙරේදා හම්බන්තොට වරායට පැමිණි අතර අද උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව වරාය අධිකාරිය ප්‍රකාශ කළේය.
මෝල්ටා රාජ්‍යයට අයත් මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය 916 දෙනෙකුගෙන් යුත්ය.
නෞකාව අද රාත්‍රියේ ඕමනයේ - මස්කට් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
294 Views
Comments