MAY
13
ගිණිඅවි සහ ගිණිකෙළි

පසුගියදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළ බවට සැකකරන තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන අත්තායි හා කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
255 Views
Comments