වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවක් හංවැල්ලේදී ගිලී මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවක් හංවැල්ලේදී ගිලී මරුට

වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවක් හංවැල්ලේදී ගිලී මරුට

හංවැල්ල පොලිස් වසමේ වක්ඔයේ දිය නාමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (06) දියේ ගිලී ඇති බව වාර්තා වේ.

 

පොලිසිය සඳහන් කළේ එහිදී ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා ගොඩට ගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී එක් කාන්තාවක් මිය ගොස් ඇති බවයි.

 

මෙසේ මියගොස් ඇත්තේ උඩහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් වන කාන්තාවකි.

 

රෝහල්ගත කළ අනෙක් කාන්තාව අවිස්සාවේල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

 

මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

views

328 Views

Comments

arrow-up