ජීවත්වෙන්න බැරි නිසා ධනුෂ්කොඩියට පැන ගිය යාපනේ පවුල
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

ජීවත්වෙන්න බැරි නිසා ධනුෂ්කොඩියට පැන ගිය යාපනේ පවුල

ජීවත්වෙන්න බැරි නිසා ධනුෂ්කොඩියට පැන ගිය යාපනේ පවුල

පවතින දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ද්‍රවිඩ ජාතිකයන් සත්දෙනෙකු බෝට්ටුවකින් ඉන්දියාව වෙත නීති විරෝධී ලෙස ගොස් ඇති බව වාර්තා වේ.

 

ඉන්දීය පුවත් සේවය වාර්තා කළේ මෙම ද්‍රවිඩ ජාතිකයන් (28) අලුයම ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවයි.

 

පවුල් දෙකකින් යුත් පිරිසක් මෙලෙස ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති අතර, මෙම කණ්ඩායමේ බිළිඳෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 

කිරි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ, ඉහළ මිල ගණන් යටතේ ශ්‍රී ලංකාව තුළ අලෙවි වීම හේතුවෙන් ඔවුන් මෙලෙස ඉන්දියාවට ගොස් ඇති බව සඳහන් වේ.

 

කිරි ලීටරයක් ශ්‍රී ලංකා රුපියල් 350 කටත්, සහල් කිලෝවක් ශ්‍රී ලංකා රුපියල් 250 කටත්, අලෙවි වීම හේතුවෙන් දිනකට පවුලේ පස් දෙනාට ජීවත්වීමට රුපියල් 3000 ක මුදලක් අවශ්‍ය වීම හේතුවෙන් නිවස විකුණා ඉන්දියාවට පැමිණීමට තීරණය කළ බව ඔවුන් ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය වෙත සඳහන් කර තිබේ.

 

එහි සිටි කාන්තාවක් සඳහන් කර ඇත්තේ රට යැවීම සිදු කරන නියෝජිතයෙකුට රුපියල් 400,000 ගෙවීමෙන් පසු තමන් ඇතුළු පවුලේ උදවිය ධනුෂ්කොඩි වෙත බෝට්ටුවකින් රැගෙන ආ බවයි.

 

මෙම සරණාගත පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

views

286 Views

Comments

arrow-up