කටුබැද්දේදී ගංජා කිලෝ 71ක් සමග සැකකරුවෙක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

කටුබැද්දේදී ගංජා කිලෝ 71ක් සමග සැකකරුවෙක් අල්ලයි

කටුබැද්දේදී ගංජා කිලෝ 71ක් සමග සැකකරුවෙක් අල්ලයි

කටුබැද්දේ පිහිටි මාර්ග බාධකයකදී කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසා සිටී.

 

මෙම සැකකරු අද (23) කෝටි එකහමාරක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

එහිදී කේරල ගංජා කිලෝ 71 යි ග්‍රෑම් 169 ක් සිය භාරයට ගත් බව පොලිසිය පවසා සිටී.

 

මෙම සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38 ක අයෙක් වන අතර මොහු මොරටුව තෙලවල ප්‍රදේශයට කේරල ගංජා ප්‍රවාහනය කරන අයකු බව විමර්ශනවලදී හෙළිවී ඇත.

 

සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

 

views

267 Views

Comments

arrow-up