සුදු මැස්සා බෝවීමෙන් තැඹිලි වගාවට හානි

මීට පෙර වාර්තා නොවූ ප්‍රදේශ කිහිපයකින් සුදු මැස්සාගේ වර්ධනයක් වාර්තා වන බව පොල් පර්යේෂණ ආයතනය පවසා සිටී.
යාපනය, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල මෙලෙස සුදු මැස්සාගේ වර්ධනයක් දක්නට ලැබෙන බව එහි පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නයනි එස්. ආරච්චිගේ මහත්මිය කියා සිටියාය.
මේ හේතුවෙන් මෙරට තැඹිලි වගාවට විශාල වශයෙන් හානි සිදු වී ඇති බව වාර්තා වේ.
පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනය එක්ව තැඹිලි වගාව සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් පවත්වාගෙන යන බව පොල් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකාව වැඩිදුරටත් කියා සිටියාය.
373 Views
Comments