රාජගිරියේ යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරු දකී

රාජගිරිය, ඔබේසේකරපුර, ගජබාපුර ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකට ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
එම යතුරුපැදි ධාවනය කළ දෙදෙනා සහ එක් යතුරුපැදියක පසුපස ගමන් ගත් අයෙක් මෙම අනතුරෙන් රෝහල් ගත කර ඇති අතර, තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙක් කොළඹ ජාතික රෝහලේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් වන උඩුමුල්ල පාර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන් වේ.
223 Views
Comments