මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

පළාත් පාලන මැතිවරණය නියමිත කාලයට නොපැවැත්වේ නම් දැනට ප්‍රකාශයට පත් කර ඇති එම මැතිවරණය පාර්ලිමේන්තු පනතකින් අහෝසි කර දමන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා රජයෙන් ඉල්ලා සිටී.

 

එසේ නොවුණහොත් මැතිවරණ අපේක්ෂකයන් වී සිටින රාජ්‍ය සේවකයන් හට තව කොපමණ කාලයක් රාජ්‍ය සේවයෙන් ඉවත් වී සිටීමට සිදුවේද යන්න බරපතල ගැටළුවක් බව පෙන්වාදෙන ඒ මහතා, රාජ්‍ය සේවකයන් සම්බන්ධ තවත් එවැනි ගැටළු රැසක් පැන නැගී ඇති බවත් පෙන්වා දෙයි.

 

එහෙයින්, මැතිවරණය නොපවත්වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය ද දැනුවත් කොට පාර්ලිමේන්තු පනතක් හරහා, දැනට ප්‍රකාශයට පත් කොට ඇති මැතිවරණය අවලංගු කර දමන ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
 

views

246 Views

Comments

arrow-up