ස්වාමිපුරුෂයා විසින් 23 හැවිරිදි බිරිඳට තියුණු අවියකින් පහර දී මැරූ ගල්කිස්සේ ඛේදවාචකය

ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳ ඝාතනය කළ පුවතක් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම ඝාතනය ඊයේ (15) පස්වරුවේ සිදුව තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බව සඳහන් වේ.
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැමියා විසින් පිහියෙන් ඇනීමේ හේතුවෙන් බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය පවසා සිටී.
මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) සවස සිදු කිරීමට නියමිතව තිබේ.
අපරාධය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
235 Views
Comments