බංගදෙනියේදී ලංගම බසයකට ගල් වලින් පහරදුන් පිරිසක් සොයා පොලිස් විමර්ශන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

බංගදෙනියේදී ලංගම බසයකට ගල් වලින් පහරදුන් පිරිසක් සොයා පොලිස් විමර්ශන

බංගදෙනියේදී ලංගම බසයකට ගල් වලින් පහරදුන් පිරිසක් සොයා පොලිස් විමර්ශන

කොළඹ සිට නවගත්තේගම දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසා සිටී.

 

හලාවත බංගදෙණිය ප්‍රදේශයේ දී ඊයේ (15) රාත්‍රී 7.15 ට පමණ මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ.

 

ලංකා ගමනාගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ.

 

බස් රථයේ රියදුරු පවසා ඇත්තේ බස් රථය බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය පසුවන විට එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි.

 

මෙම ගල් ප්‍රහාරයෙන් බස්රථයට හානි සිදුව ඇති අතර එහි ගමන් ගත් මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව පොලිසිය සඳහන් කර සිටී.
 

views

281 Views

Comments

arrow-up