මිහින්තලේ මාරක යතුරුපැදි අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

මිහින්තලේ මාරක යතුරුපැදි අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි

මිහින්තලේ මාරක යතුරුපැදි අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වෙයි

තරුණයින් තිදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තාවේ.

 

පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ අනෙක් තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

 

මෙම අනතුරින් මියගොස් ඇත්තේ නාමල් වැව මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බව සඳහන් වේ.

 

මෙම තරුණයන් තිදෙනා අලුත් අවුරුදු උදා වූ දා සවස් වනතුරු මිහින්තලය මහකනදරාව වැව පිටියේ රැඳී සිට, අවුරුදු උදාවීමත් සමග යතුරුපැදියක නැගී මහකනදරාව වැව පිටියෙන් මිහින්තලේ ප්‍රධාන මාවතට පිවිස පැදිකරුගේ නිවසට පැමිණෙමින් සිටින අතරතුර සුනඛයකු මාර්ගය හරහා පැන ඇති අතර එහිදී සුනඛයාගේ ගැටුණු යතුරුපැදිය පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටී අනතුර සිදුව තිබේ.

 

යතුරුපැදිය පදවාගෙන ආ තරුණයා අනතුරින් පසු රෝහල් ගත කරන අවස්ථාවේදීම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

 

යතුරුපැදියේ පිටුපසින් පැමිණි අනෙක් තරුණයන් දෙදෙනා මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
 

views

264 Views

Comments

arrow-up