ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට සිට යළි ඇරඹේ

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටී.
අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇති වීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි.
එසේ සංකූලතා ඇති වීමට හේතු වූ ඖෂධය මේ වන විට භාවිතයෙන් ඉවත් කොට ඇති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී.
ඒ අනුව තාවකාලික නතර කර තිබූ ජාතික අක්ෂි රෝහලේ සත්කම් කටයුතු හෙට (24) දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටී.
253 Views
Comments