ඉමහත් සංචාරක ආකර්ෂණයක් දිනාගෙන සිටි යාල කැලේ දළ කොටා සමු ගනී

යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා ලෙස සැලකෙන දළ කොටා නම් හස්තියා මියගොස් ඇති බව වාර්තා වේ.
අවුරුදු 40 ක් වයසැති මෙම හස්තියා අසනීප තත්ත්වයෙන් සිට ඇති අතර අවස්ථා කිහිපයක දී වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කර තිබූ බවද, සඳහන් වේ.
පෙරේදා (21) දිනයේ ලුණුගම්වෙහෙර ජලාශය ආසන්නයේ මිය ගොස් තිබියදී හස්තියාගේ සිරුර හමු වූ බව වනජීවී නිලධාරීන් පවසා සිටී.
යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ සත්වයෙකු ලෙස දළ කොටා හස්තියා හැඳින්වෙන බව සඳහන් වේ.
349 Views
Comments