ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කෑගල්ලේ මාර්ගයක් වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කෑගල්ලේ මාර්ගයක් වසා දමයි

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කෑගල්ලේ මාර්ගයක් වසා දමයි

අධික වර්ෂාවත් සමග ගල් පෙරළීමේ අවදානම මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තෙක් වසා දමා ඇති බව වාර්තා වේ.

 

කෑගල්ල පොලිසියේ රථවාහන අංශය මගින් කෑගල්ල විකල්ප මාර්ගය මේ වනවිට වසා දමා ඇත්තේ ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මත බව සඳහන් වේ.

 

වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළොව ගිලා බැසීම් අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටී.

views

323 Views

Comments

arrow-up