සේදවත්තේ ගබඩාවකින් නරක් වූ සහල් කිලෝ ලක්ෂ 10ක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

සේදවත්තේ ගබඩාවකින් නරක් වූ සහල් කිලෝ ලක්ෂ 10ක් අල්ලයි

සේදවත්තේ ගබඩාවකින් නරක් වූ සහල් කිලෝ ලක්ෂ 10ක් අල්ලයි

ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩා කළ මහා පරිමාණ සහල් ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා ඇති බව වාර්තා වේ.

 

මෙම ස්ථානයේ ගබඩා කර ඇති සහල් අතර, මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ දසලක්ෂ අසූදාහක් පමණ තිබූ බව සඳහන් වේ.

 

විදෙස් රටකින් ගෙන්වන ලද මෙම සහල් තොගය සෞඛ්‍යාරක්ෂිත නොවන ආකාරයට ගබඩා කර ඇති අතර, එහි කෘමි සතුන්, ගුල්ලන්, පණුවන් වැනි සතුන් සිටින බව මහජන පරීක්ෂකවරුන් සඳහන් කළේය.

 

මෙම සහල් පරීක්ෂා කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත වේ.

views

292 Views

Comments

arrow-up