තනිවම නිවසේ සිටි දොරමඩලාවේ කාන්තාවක් දූෂණය කර මරා දැමූ අසල්වැසි මාරයා

මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයේ ඊයේ (29) දහවල් නිවසක සිටි කාන්තාවක් දූෂණය කර මරා දමා ඇති බව වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ, 03 වන පියවර, දොරමඩලාව ප්‍රදේශයේ පදිංචි 51 ක් හැවිරිදි කාන්තාවකි.
ඇය තම මව සමග නිවසේ පදිංචිව සිටි ඇති බවත්, මව අසල නිවසක රැකියාව සඳහා ගොස් සිටියදී අසල ගමක පදිංචි පුද්ගලයෙකු නිවසට පැමිණ මෙම කාන්තාව දූෂණය කර මරා දමා ඇති බවත්, විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඝාතනය සිදු කළ වයස අවුරුදු 47 ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මිහින්තලේ පොලිසිය විසින් සිදු කෙරේ.
335 Views
Comments