APR
30
කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් යටවෙයි

කෙසෙල්ගමු ඔය දෙපස පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර, එම පහත් බිම් හරහා බගවන්තලාව වතු ගණනාවකට පිවිසෙන මාර්ග යට වී ඇති බව වාර්තා වේ.
ඊයේ (29) දින පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාව නිසා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමත් සමග මාර්ගවල රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව වාර්තා වේ.
පහත් බිම්වල වගා කර තිබූ එළවළු වගාවන් වලට ද ජල ගැලීමත් සමග දැඩි අලාභ හානි සිදුව ඇති බව ගොවීන් පවසා සිටී.
305 Views
Comments