සීනි මිල ඉහළ යාමට හේතු සොයා පරීක්ෂණයක්

සීනි මිල යළි ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විශේෂ අවධානය යොමුව තිබේ. ඒ සම්බන්ධයෙන් කඩිනම් වෙළෙඳපොල නිරීක්‍ෂණයක් සිදුකෙරෙන අතර, සීනි මිල ඉහළ දැමීම සදහා වෙළෙඳුන් විසින් සීනි තොග සඟවා ඇති බවට සැකයක් පවතින බවත් පාරිභෝගික අධිකාරිය කියා සිටී.
මේ අතර ආනයනික සීනි මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.
ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් කෝටාව අවසන් වීම මීට හේතු වී ඇති බවද වාර්තා වේ.
288 Views
Comments